වනිදු හසරංග ගැන මේ දවස්වල ගොඩක් දෙනෙක් කතාබහ කරනවා. සමාජ මාධ්‍යවලින් ඔහුට එල්ල කරන ප්‍රහාර නම් එන්න එන්නම වැඩිවෙනවා මිසක් අඩුව වෙන්නේ නම් නැහැ. ඒත් වනිදු තාමත් හැදෙන පාටක් නම් නැහැ. ක්‍රීඩා විලාශය ඔහු ක්‍රිකට් පිටිය තුළ හැසිරෙන ආකාරය මාධ්‍ය ඉදිරියේ හැසිරෙන ආකාරයන්ම මේ අදහස් දැක්වීම් වලට ප්‍රධාන හේතුවක් වෙනවා. මේ අතර වවිකියාහි වනිඳුගේ නම වෙනස් කර තිබෙනු දකින්න පුළුවන්. මේ ගැන ඔහුට ආදරය කරන ක්‍රීඩා ලෝලීන් නම් දක්වන්නේ එච්චර හොඳ ප්‍රතිචාරයක් නම් නෙමෙයි . එහෙත් බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ අදහස නම් වණිදුගේ මේ හැසිරීම දිගින් දිගටම පවතින්නේ නම් ය ඔහුගේ ක්‍රිකට් අනාගතය වෙනුවෙන් සෑහෙන්න බලපෑමක් සිදුකරනු ඇති බවයි. එවැනි හැසිරීම් රටාවක් ඔහුගේ ක්‍රීඩා ගමන් මගෙන් වෙනස් කරනු ඇති යැයි බොහෝ දෙනා විශ්වාස කරනවා.
(විකි පීඩියා හි තොරතුරු ඕනෑම කෙනෙකුට වෙනස් කළ හැක)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

en_USEnglish