මේ ඉන්නේ මුර්වින් අභිනාශ් !!!

ජැෆ්නා කොල්ලෙක්..St.Johns පාසලෙන් බිහි වුනේ…දැන් ක්ලබ් ක්රිකට් සෙල්ලම් කරනවා.ඊයේ ක්ලබ් මැච් එකකදී BRC කන්ඩායම නියෝජනය කරන අභිනාශ් කඩුලු අටක්ම දඩයම් කරනවා.2000 කොල්ලෙක්…මේ අවුරුද්දට කොල්ලගේ වයස අවුරුදු 24යි.වියස්කාන්ත් පා දඟ පන්දු යවන්නෙක් විදිහට කරළියට එනකොට,විතූශාන් නිමා වූ තෙදින තරගාවලියේ වමත් දඟ පන්දු යවන්නෙක් විදිහට කරළියට එනකොට,ඔන්න දැන් අපිට අඩුවකට තිබුන දකුණත් පිට දඟ පන්දු යවන්නෙකුත් ජැෆ්නා වලින්ම කරළියට ඇවිත්…අපේ ඩොමැස්ටික් ලෙවල් එකේ දඟ පන්දු යවන්නන් රජ කරාට හුගාක් වෙලාවට run කරේ වමත් දඟ පන්දු යවන්නෝ සහ පා දඟ පන්දු යවන්නෝ තමයි. ඔන්න දැන් ඒ හැමෝටම අභියෝගයක් වෙන්න ජැෆ්නා වලින් ආපු ඕෆ් ස්පිනර් කෙනෙක් කරලියට ඇවිල්ලා…!මේ වෙනකොට අන්තර් සමාජ සීමිත පන්දුවාර තරගාවලියේ වැඩිම කඩුලුලාභියා…! කඩුලු 22ක් දවාගෙන තියෙනවා.ඉස්සරහට එන LPL තරගාවලියේ අවස්ථාවක් ලැබේවිද ?ලොකු ටැලන්ට් එකක් තියෙන කොල්ලෙක්…පිත්තෙනුත් දෙයක් කරන්න පුළුවන්,මේ දවස්වල එයා එයාගේ පිතිකරණය පැත්තටත් වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ…ඉස්සරහට ශ්රි ලංකා Emerging , A Team වල දකින්න ඕනි කොල්ලෙක්…!ඔහොම යං…! ❤️👏✍️ | Rishie Bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

en_USEnglish