උඹල මෙච්චර කල් දුක් විද විද cricket ගැහුව. උඹල ඒ ගහපු match දින්නද පරාදද කියල මේ ලකේ උන්ට වගේ වගක් නැහැ. උඹල නොකා නොබී කරපු කැප කිරීම් ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ. ඒවා දන්නෙ උඹලයි, උඹලගේ පවුල් වල මිනිස්සුයි විතරයි. නමුත් දැන් උඹල දිනල. ඒ දිනිල්ලෙන් පස්සෙ මිනිස්සු කැමති හැමදාම උඹල දිනනව දකින්න විතරයි. ඒ මේ රටේ මිනිස්සුන්ගෙ හැටි. කාලයකට කලින් වැඩ ඇරිල ගෙදර යන්නෙ නැතුව වැස්සෙ තෙමි තෙමි කඩයක් ලග නැවතිලා අපේ team එක ගහන cricket match දිහා බලන් හිටපු උන්, ළමයගෙ බෙහෙත් ටික ගන්න හන්දියෙ pharmacy එකට ගිහින් බෙහෙත් තුංඩුව සාක්කුවේ දාගෙන වාස් අනිත් පැත්තෙ උංගේ අන්තිම wicket එකේ පොලු ගලවනකන් බලං හිටපු උන්, ගෙදරට රෑට කන්න පාන් රාත්තල අරන් යන ගමන් අන්තිම බෝලෙන් හරි අපේ උන් match එක ඉවර කරයි කියිල බලන් හිටපු උන්…! ඉතින් දැන් උන් ටිකට cricket කියන නමත් අරහං වෙලා හිටපු කාලෙක අපහු උඔල නිසා cricket බලන්න පටන් අරගෙන. ඉතිං උඹල පරදිනවට උන් අකමැතිකමට දොස් කියලත් බැහැ. නමුත් ක්‍රීඩාවේදී වැටීම් නැගිටීම් හැම වෙලේම වෙන්න පුළුවන්. ඒ වැටීම් එක්ක උඹගෙ වටේ ඉන්න පොඩි උන් ටික හයියෙන් අල්ලන් ඉදපන්…!

දැන් දැන් උඹලට සල්ලි ගලාගෙන එයි. Sponsors ල බුරුතු පිටින් එයි. අපේ පිරිමි team එකට උනා වගේ ඊලගට එන පොඩි උන්ට උඹල විදපු දුක වෙනුවට සල්ලි ආකරයක් පේන්න ගනිවි. එහෙම නොවෙන්න උඹගේ වටේ ඉන්න පොඩි උන්ට කියල දීපන්. ඒ පොඩි උනුත් කවද හරි retire වෙන කාලෙක ඊලග පරම්මපරාවටත් ඒ ටික උගන්නන් කියල කියල දීපන්. එතකොට අනිත් උන්ට උනා වගේ උඹලට වෙන එකක් නැහැ. සල්ලියි ක්‍රීඩාවයි ගානට balance කරන් යයි.

අපේ පිරිම කණ්ඩායමට හිටිය නියම නායකයෙක්. ඒ හින්දම අපි 1996 world cup එක ඉස්සුව. ඒ නායකය වටේ හිටපු උන් දැක්ක නායකත්වය කියන්නෙ මොකක්ද කියල. 100% ක්ම නැති උනත් ඒ නායකයගෙන් ගත්ත දේවල් එක්ක ඊලග නායකයෝ අපේ cricket ඉහලට ගෙනිච්ච. උඹත් නංගියේ අන්න ඒ නායකය වගේ වෙයන්. යනකොට හොද නායකයෝ ටිකක් හදල පලයන්. හැම තිස්සෙම නායකත්වයට හොද senior කෙනෙක් සහ ඒ වටේ අළුත් කෙල්ලො ටිකක් එකතු වෙන විදියට team rhythm එක අරන් යන්න උගන්නපන්. අපේ අනිත් උන්ට නැතිම උනෙත් ඕකයි. Captain කම ගන්න senior වැඩ්ඩෙක් නැහැ. ඔක්කොම එක මට්ටමේ උන්. ඒක නිසා එකෙක් කියන දේ අනිත් එකා කනට ගන්නෙ නැහැ. එහෙම වින්නැහියක් උඹලට නොවෙන්න වග බලා ගනින්.

ඉතින් ආදරණීය චමරි… උඹට , “උඹ” කියල ඇමතුවට සමා වෙයන් නංගියේ. එහෙම ඇමතුවේ උඹ අපේ හිත්වලට ලෙංගතු නිසයි. දැන් ඉතින් උඹලට Red carpet වැටෙන කාලයයි. උඹ දන්නව අද red carpet වැටුනට match දෙක තුනක් පරදිනකොට එන ගල් මුගුරු වල size එකත්. එදාටත් අපේ කෙල්ලො ටික පිටිපස්සෙන් ඉදන් රැක ගනින්, හරියට ඊයේ match එක දින්නම කෙල්ලො ඔක්කොම ground එකට දුවපු වෙලේ උඹ ඒ කෙල්ලොන්ගෙ අම්ම වගේ ground එකෙන් එලියෙ දණ ගහගෙන ඇඩුව වගේ. උඹට ඒක පුළුවන්… මේ කෙල්ලො ටිකට ඒක පුළුවන්. කවද හරි උඹල world cup එක උස්සන් එන දවසට ඒ මහ සෙනග

ගොඩේ මමත් ඉන්නව පාරට වෙලා උඹලට කෑ ගහන්න..! උඹලට ජය…!!!

කමල් ඉපලවත්ත

#ChamariAthapaththu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

en_USEnglish