මේක හරිම අපූරු ඡායාරූපයක්…

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නම රැන්දු විශිෂ්ටයින් දෙදෙනෙක් අතට අත දෙන මොහොතක්…

එක් අයෙක් ඔබ හොඳින්ම දන්නවා…
අප දිනා ගත් එකම එක් දින ලෝක ශූරතාවය හිමිකර දුන් 1996 ලෝක ශූර කණ්ඩායමේ නායකයා අර්ජුන රණතුංග…

ඔහු අතට අත දෙන පුංචි ක්‍රිඩකයා බලන්න..
මේ වයස අවුරුදු 14 දී කළුතර විද්‍යාලයේ නියෝජනය කරමින් ඔවුන්ගේ මහා තරගයට සහභාගි වන මේ පුංචි එකා පැතුම් නිස්සංක…
කළුතර විදුහල සහ තිස්ස විදුහල අතර මහ සටන… මැංගුස් සටන…….

තමා සමඟ ලෝක කුසලාන ශූර කණ්ඩායමේ ක්‍රීඩාකර එදා තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස තේරුණ ( most valuable player of the tournament) ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ එක් දින ක්‍රීඩාව උඩුයටිකුරු කළ සනත් ජයසූරියගේ වාර්තා අනාගතයේ දිනෙක මේ පුංචි එකා අතින් බිඳ හෙලනු ඇතැයි අර්ජුන රණතුංග කිසිසේත් එදා නොසිතන්නට ඇති….

( මේ ඡායාරූපය මාවෙත එවූ ආනන්දයේ අර්ජුනලාගේ සමකාලීනයෙකුවූ හිටපු රේගු අධ්‍යක්ෂක එල්.ඒ.ඩී.ජී ගුණවර්ධන සර්ට ස්තුතියි…)

මෙම ඡයාරූපය අදාළ මහා තරගය දිනයේදී නිශ්ශංක ද සිල්වා විසින් ගනු ලැබූවක් බව සඳහන්ය… ඡායාරූපයේ අයිතිය සහ ගෞරවය ඔහුට හිමි විය යුතුය.

සටහන ලාල් ද අල්විස් මහතාගෙන් උපුටා ගැනීමකි…!!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

si_LKSinhala