උපුල් තරංග ප්‍රමුඛ වත්මත් තේරිම් කමිටුව මේ වන විටත් එළැඹෙන සිම්බාබ්වේ එක්දින තරගාවලිය සදහා වන ශ්‍රි ලංකා මූලික සංචිතය තෝරාගෙන ඇති බවට වාර්තා වෙනවා.

ඉතිං ඒ සංචිතයට එකතු වුනු බුවෙක් තමයි මේ ජනිත් ලියනගේ කියන්නේ…

ඇයි මේ ජනිත් ලියනගේ සංචිතයට දැම්මේ ?

හේතුව පහල තියෙයි.

මේ දවස්වල පැවැත්වෙන අන්තර් සමාජ සීමිත පන්දුවාර තරගාවලියේ මේ වෙද්දි වැඩිම ලකුණුලාභියා තමයි ජනිත්…

එයා තරග 6කදි ලකුණු 383ක් රැස් කරලා තියෙනවා. Average එක 63.83ක්….

ජනිත් කියන්නේ කොහොමත් එක්දින තරග ආකෘතියේ එදා ඉදන්ම හොදට කරපු හාදයෙක්…

28 හැවිරිදි ජනිත් ලියනගේ 40.07ක හොද පිතිකරන සාමාන්‍යයක් මේ වනවිට පවත්වාගෙන යන්න සමත් වෙලා තියෙනවා.

මේ තරගාවලියෙදි ජනිත් පිත්තෙන් විතරක් නෙමෙයි පන්දු යැවීමෙනුත් කඩුලු 9ක් බිද දමලා තියෙනවා.

අදත් පලමුපෙල තරගයකදි ජනිත් ලියනගේ ලකුණු 86ක් පන්දු 74කදි ලබා ගන්න සමත් වෙලා තියෙනවා. ඊට හතරේ පහරවල් 8ක් සහ 6 පහරවල් 2කුත් අන්තර්ගත වෙනවා.

ඉතිං… මේ දක්ෂතා අන්තර්ජාතික පිටියෙත් දක්වන්නට,

අනාගතයට සුභ පතමු !!! ❤️🙏

✍️ | Rishie Bro

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

si_LKSinhala